ඓතිහාසික පොළොන්නරුව පුරවරයේ පරාක්‍රම සමුද්‍රය පාමුල සුන්දර පරිසරයක පිහිටි පරාක්‍රම සමුද්‍රය විදු මෑණියන් මෙම ප්‍රදේශයේ කීර්තිමත් විදු බිමකි.
වර්ෂ 1943 නොවැම්බර් 01 වැනි දින පරාක්‍රම සමුද්‍රය ගම්මානයේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ කේ.එච්. අබේසිංහ මහතාය. ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 39 ක් වූ අතර එක් ගොඩනැගිල්ලක් තුල පාසල පවත්වා ගෙන යන ලදී.
දිනෙන් දින සිසු සංඛ්‍යාව වැඩිවීමත් සමඟ භෞතික සම්පත් අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර නව ගොඩනැගිලි දෙකක්, ක්‍රීඩා පිටියක්, ගුරු නිවාස දෙකක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය. පසු කාලීනව විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය. කලා විෂය ධාරාව යටතේ සරසවි වරම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් මෙම පාසලෙන් බිහි කොට ඇත. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය. පසු කාලීනව උසස් පෙළ අධ්‍යයන කටයුතු අඩාල වූ අතර 2022 වර්ෂයේදී නැවත කලා විෂය ධාරාව යටතේ උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලදී.
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර පරිගණක ඒකකය , පුස්තකාලය,සෞඛ්‍යදාන ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 26ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 5කින් සමන්විතය. 433 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "එළඹෙන අභියෝග ජය ගනිමින් ජාතික සංවර්ධනයට දායක විය හැකි ගුණ නැණ පිරි සාමාජයක් බිහි කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි.
|
ආරම්භ කළ වර්ෂය |
1943 නොවැම්බර් 01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
39 |
|
මුල් ගුරුතුමාගේ නම |
කේ.එච්. අබේසිංහ මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
කේ.එච්. අබේසිංහ මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
පරාක්‍රම සමුද්‍රය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
කේ.එච්. අබේසිංහ මහතා |