පුලතිසි පුරවර අභිමන් දද බැදි
පැරකුම් සමුදුර විදු මව්නි
විජයතු විජයතු
කිතුගොස පතුරා
විජයතු විජයතු විදු මව්නි
කෙත්වතු මල්වතු ඵලබර තුරුලිය
පිනිබර වන මල් සුවඳ හැමූ
සුරුවිරු දරු කැළ අප වෙමු ඔබගේ
ගුණ මිණි බරණට සිරස නැමූ
අත්වැල් බැදගමු නෙත් සිත් ඇදගමු
සිත්මල් පිපිදේ උදේ හවා
සිප්සත උගනිමු කිතුගොස පතුරා
මින් ඔබෙ උණුසුම සිසිල ලබා
පුලතිසි.....
හෙළ නර විරුවන් අපෙ මීමුත්තන්
ගිය මග යන්නෙමු මව්නි අපේ
පෙළහර පාමින් රොද බැද ඉන්නෙමු
සුරකිමු සුරකිමු ඔබෙ නාමෙන්
පුලතිසි.....