විදුහල්පති පණිවිඩය
පරාක්‍රම සමුද්‍රය මහා විද්‍යාලය

සිසු දරු දැරියන්ට ආලෝකයක් වූ පරාක්‍රම සමුද්‍රය මහා විද්‍යාලය පොළොන්නරුවේ තිබෙන දීප්තිමත් පාසලකි. දිනෙන් දින විශිෂ්ටත්වය කරා පිය නගමින් සිටින අප පාසලේ සිසු දරු දැරියන් ඉගෙනීමට මෙන්ම විෂය සමගාමී කටයුතු වල දීද කැපී පෙනෙන දස්කම් පෙන්වති. සෞන්දර්ය හා ක්‍රීඩා අංශයෙන් කලාප, පළාත් මෙන්ම සමස්ත ලංකා ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, රටට වැඩදායී කීර්තිමත් ආදි සිසුන් විශාල ප්‍රමාණයක් දැයට උරුම කරදී ඇත.
පාසල පිළීබඳ තොරතුරු ලබා ගැනීමේදී හා තොරතුරු හුවමාරුකර ගැනීමේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. එමෙන්ම අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ දියුණුවට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ ගුණ නැණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු වේවා යි සුභාසිංශන එක් කරමි.
විදුහල්පති,
පරාක්‍රම සමුද්‍රය මහා විද්‍යාලය